Public Library - Anuradhapura.
මෙම මහජන පුස්තකාලය වර්ෂ 1951 ජූනි මස ආරම්භකර ඇත.1976 මාර්තු මස 16 වෙනිදා අනුරාධපුර මහජන පුස්තකාලය නමින් මෛත්‍රීපාල සේනානායක මාවතේ අනුරාධපුර මහ නගර සභාව ආසන්නයේම ස්ථාපිත කොට ඇත. වර්තමානය වන විට ප්‍රධාන ගොඩනැගිල්ල අසලට නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති අතර මනරම් ළමා පුස්තකාලයක් සහ නිදහස් පරිසරයක පිහිටා ඇති අධ්‍යයන අංශයක් පවතී. මේ වන විට පුස්තකාලයේ සිංහල,දෙමළ,ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් පොත් 75000ක් පමණ ඇති අතර වාර සඟරා 52ක්ද කාලීන පුවත්පත් 30ක සහිත එකතුවකින් සමන්විත වේ.
Tuesday, September 17, 2019
පුස්තකාලයේ අංශ
බිම් මහල
1.
පුවත්පත් අංශය
2.
පොත් බැහැරදෙන අංශය
3.
පොත් බැඳුම්ගාරය
4.
ජංගම පුස්තකාල අංශය
5.
වාර සඟරා අංශය
6.
විද්වත් වෘත්තික අංශය
7.
පරිපාලන හා සැලසුම්
අංශය
උඩු මහල
1.
ප්‍රතිග්‍රහණ හා
තාක්ෂණික කටයුතු අංශය
2.
ලිපිකරු අංශය
3.
විමර්ෂණ අංශය
4.
වලිසිංහ හරිශ්චන්ද්‍ර
අංශය
5.
විශේෂ එකතු අංශය
6.
සුචිකරණ අංශය
7.
පරිගණක අංශය
8.
ලේඛණාගාරය
නව ගොඩනැගිල්ල
- අධ්‍යයන අංශය
- ළමා අංශය
2
සාමාජිකත්වය.
මහ නගර සභා පාලන සීමාව තුල පදිංචිකරුවන් වන්නාවූ හෝ කාර්යාලයක හෝ වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නා වූ පුද්ගලයක් හෝ අධ්‍යාපන ආයතනයක ආචාර්ය මණ්ඩලයේ පුද්ගලයකුට සාමාජිකත්වය ලබා ගත හැකිය.
මෙහිදී අනුරාධපුර
මහා නගර සභා පාලන පෙදෙස තුළ පිහිටි වාර්ෂික වටිනාකම රු.2000.00 කට නොඅඩු නිවසක
අයිතිකරුවකු සාමාජිකත්වය සඳහා ඇපකරුවකුලෙස අත්සන් කිරීම අනිවාර්යවේ.
වැඩිහිටි
සාමාජිකයකු සඳහා ගාස්තුලෙස රු.50.00ක සාමාජික ගාස්තුවක් අයකරන අතර වාර්ෂික නැවත
රු.50.00ක අලුත් කිරීමේ ගාස්තුවක් ගෙවා අලුත් කල යුතුය.
පාසැල් ශිෂ්‍ය/ශිෂ්‍යාවක්
විසින් සාමාජිකත්වය ලබා ගැනීමේදී ඔහු/ඇය පාසල් ශිෂ්‍ය /ශිෂ්‍යාවක් බව විදුහලේ
විදුහල්පතිවරයා විසින් තම නිල මුද්‍රාව තබා සහතික කොට ඇති කල්හි පමණක් සාමාජික
ගාස්තු රු.25.00 ක් ගෙවිය යුතුය.නැවත ගාස්තු ගෙවා සෑම වසරකම සාමාජිකත්වය අලුත් කල
යුතුය.
විශේෂ-සාමාජිකත්වය
විශේෂ-වැඩිහිටි
අනුරාධපුර
දිස්ත්‍රික්කය තුල පදිංචි සහ නගර සභා සීමාව තුල යම් අධ්‍යයන කටයුත්තක් හෝ වෙනයම්
සේවාවක යෙදෙන ඕනෑම අයකුගෙන් සාමාජික මුදලට අමතරව රු.1000.00ක ඇප මුදලක් ලබාගෙන
සාමාජිකත්වය ලබාගත හැකිය.
විශේෂ-ළමා
අනුරාධපුර
දිස්ත්‍රික්කයෙන් පිටත පිහිටි ඕනෑම පාසලක සිප්සතර හදාරන සිසු සිසුවියන්ගෙන්
සාමාජික මුදලට අමතරව අදාල විදුහලේ විදුහල්පති සහතික කිරීමෙන් අනතුරුව රු.500.00ක
ඇප මුදලක් ලබාගෙන සාමාජිකත්වය ලබා ගත හැකිය.
විවෘතව පවතින වෙලාවන්
(සෑම මසකම
අවසන් සිකුරාදා හා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයන් හැර විවෘතව පවතී.)
පෙ.ව.8.30 සිට ප.ව.5.00 දක්වා
බැහැරදෙන අංශය
පෙ.ව.8.30 සිට ප.ව.4.30 දක්වා විවෘතව පවතී.
Subscribe to:
Posts (Atom)
