Tuesday, September 17, 2019

සාමාජිකත්වය.


මහ නගර සභා පාලන සීමාව තුල පදිංචිකරුවන් වන්නාවූ හෝ කාර්යාලයක හෝ වෙළඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නා වූ පුද්ගලයක් හෝ අධ්‍යාපන ආයතනයක ආචාර්ය මණ්ඩලයේ පුද්ගලයකුට සාමාජිකත්වය ලබා ගත හැකිය.
මෙහිදී අනුරාධපුර මහා නගර සභා පාලන පෙදෙස තුළ පිහිටි වාර්ෂික වටිනාකම රු.2000.00 කට නොඅඩු නිවසක අයිතිකරුවකු සාමාජිකත්වය සඳහා ඇපකරුවකුලෙස අත්සන් කිරීම අනිවාර්යවේ.
වැඩිහිටි සාමාජිකයකු සඳහා ගාස්තුලෙස රු.50.00ක සාමාජික ගාස්තුවක් අයකරන අතර වාර්ෂික නැවත රු.50.00ක අලුත් කිරීමේ ගාස්තුවක් ගෙවා අලුත් කල යුතුය.
පාසැල් ශිෂ්‍ය/ශිෂ්‍යාවක් විසින් සාමාජිකත්වය ලබා ගැනීමේදී ඔහු/ඇය පාසල් ශිෂ්‍ය /ශිෂ්‍යාවක් බව විදුහලේ විදුහල්පතිවරයා විසින් තම නිල මුද්‍රාව තබා සහතික කොට ඇති කල්හි පමණක් සාමාජික ගාස්තු රු.25.00 ක් ගෙවිය යුතුය.නැවත ගාස්තු ගෙවා සෑම වසරකම සාමාජිකත්වය අලුත් කල යුතුය.

විශේෂ-සාමාජිකත්වය

විශේෂ-වැඩිහිටි

අනුරාධපුර දිස්ත්‍රික්කය තුල පදිංචි සහ නගර සභා සීමාව තුල යම් අධ්‍යයන කටයුත්තක් හෝ වෙනයම් සේවාවක යෙදෙන ඕනෑම අයකුගෙන් සාමාජික මුදලට අමතරව රු.1000.00ක ඇප මුදලක් ලබාගෙන සාමාජිකත්වය ලබාගත හැකිය.
විශේෂ-ළමා

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පිටත පිහිටි ඕනෑම පාසලක සිප්සතර හදාරන සිසු සිසුවියන්ගෙන් සාමාජික මුදලට අමතරව අදාල විදුහලේ විදුහල්පති සහතික කිරීමෙන් අනතුරුව රු.500.00ක ඇප මුදලක් ලබාගෙන සාමාජිකත්වය ලබා ගත හැකිය.

No comments:

Post a Comment